2020 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622,000ක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙන්නේ සෞන්දර්යය විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නිසි කාලය තුළ පැවැත්වීමට නොහැකි වීම නිසා ය. ඒ අනුව සෞන්දර්යය විෂයයන්ට පෙනී සිටි 169,000ක් වූ සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ මේ වසරේ අගෝස්තු 28 සෙනසුරාදා දින සිට සැප්තැම්බර් 08වන බදාදා දක්වා පැවැත්වීමට ත් ඉන් අනතුරු ව ඉතා ඉක්මනින් එම ප්‍රතිඵල නිකුත් කිරීමට ත් කටයුතු සැලසුම්කොට තිබේ.
එම සිසුන් සඳහා පෙර පුහුණුවීම් කටයුතු පාසල්වල ආරම්භ කිරීමට සැලසුම්කොට ඇති අතර එම සිසු දරු දැරියන් පූර්ණ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූල ව ජූලි 26වැනි සඳුදා දින සිට මාසයක කාලයක් පාසලට කැඳවීමට කටයුතු කෙරේ.
විදුහල්පතිවරුන් විසින් මේ වනවිට අදාළ විෂයභාර ආචාර්යවරුන් කැඳවා පුහුණුවීම් සඳහා අවශ්‍ය කටයුතු සැලසුම්කොට තිබේ. මේ සම්බන්ධ ව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය ලබාගෙන තිබේ.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාර ව සමාජ දුරස්ථභාවය ආරක්ෂාවන පරිදි අදාළ පුහුණු කටයුතු සිදු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස සියලු ම විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.