April 1, 2023 12:11 am
adcode

ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2021/2022

ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2021/2022

 

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

 

මේ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මේ වන විටත් දන්වා යවා ඇත.මේ සම්බන්ධයෙන් අයදුම්පත් යොමු කිරිමේ අවසාන දිනය ලෙස 2021 අප්‍රේල් 27 දින සදහන් කලද පවතින තත්වය හමුවේ අයදුම්පත් කැදවන අවසාන දිනය 2021 ජූලී මස 20 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.

 

මෙතෙක් විධිමත් පුහුණුව සම්පුර්ණ නොකළ ගුරුවරුන් / ගුරු සහායකවරුන්, චක්‍රලේඛ අංක 28/2016  අනුව සකසා ගත් අයදුම්පත් “අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.

 

එල්.එම්.ඩී.ධර්මසේන

Share

Related News